• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් මිල දී ගැනීම
- කොළඹ වරාය තුළ කාර්යක්ෂම නාවික සේවාවක් සැපයීමට අවශ්‍ය වන නියමු යාත්‍රා දෙකක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 3.12ක මුදලකට සීමාසහිත කොළඹ ඩොක්යාර්ඩ් සමාගම වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.