• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික රෝහලේ උගුර, කණ, නාසය (ENT) ආශ්‍රිත සත්කාර සේවා සැපයීම් පහසුකම් වැඩිදියුණු කිරීම
- උගුර, කණ, නාසය (ENT) ආශ්‍රිත දුබලතාවයන් වළක්වා ගැනීම, හඳුනාගැනීම සහ එම දුර්වලතාවයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා පවතින පහසුකම් සංවර්ධනය කිරීම සහ ජාතික රෝහල, ශික්ෂණ රෝහල්, පළාත් මහ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ මූලික රෝහල්වල ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා ජර්මනියේ M/S VAMED Engineering Deutschland GmbH ආයතනය විසින් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඇගයීමට සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා කටයුතු සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.