• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීම
- ජලය හිඟ ප්‍රදේශවලට කඩිනමින් ජල සම්පාදන පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීමේ පද්ධතියේ අතරමැදි පිරවුම ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති M/s Sunpower Constructions (Pvt) Ltd ආයතනයේ යෝජනාව ඇගයීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව වෙත යොමු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.