• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුපොත - බමුණාකොටුව - පඬුවස්නුවර ජල සම්පාදන ව්‍යාපෘතිය
- කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වෙසෙන 133,000ක පමණ ජනතාව වෙත පානීය ජලය සැපයීම සඳහා ‍ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති කටුපොත - බමුණාකොටුව - පඬුවස්නුවර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් M/s. Kolon Global Corporation වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනාව ඇගයීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව හා ව්‍යාපෘති කමිටුව වෙත යොමු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.