• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයින්ට විවිධ සහන සලසන ශ්‍රම වාසනා අරමුදලට දායකත්වය සපයන ශ්‍රම වාසනා ලොතරැයිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.