• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
- තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකයින් බිහි කරමින් නව රැකියා අවස්ථා හා ආදායම් මාර්ග උත්පාදනය කර උතුරු ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව අපනයන වෙළඳපොළ කෙරෙහි ඉක්මණින් යොමු විය හැකි අන්දමින් වෘත්තීය සේවා ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා පහසුවෙන් සහ පිරිවැය ඵලදායී අන්දමට සිය කාර්යාල ස්ථාපිත කර හැකි වන පරිදි අවශ්‍ය සේවා සැපයීම සඳහා නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු රජයේ මූල්‍ය සහායද සහිතව යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.