• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපනයන වර්ධනය සඳහා වූ තොරතුරු තාක්ෂණ මූලාරම්භය ක්‍රියාවට නැංවීම
- අපනයන වර්ධනය දිරිමත් කිරීමේ ක්‍රමෝපායක් ලෙස තොරතුරු තාක්ෂණ මූලාරම්භයක් 2018 - 2020 තුන් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම මඟින් තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහන තුළින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබිණි. ඒ අනුව සැලසුම් කර ඇති තොරතුරු තාක්ෂණ මූලාරම්භය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.