• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය
- ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 12.4%ක් හෙවත් පුද්ගලයින් මිලියන 2.6ක් වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අතර, එය වර්ෂ 2022 වන පමණ විට එම ජනගහනයෙන් 16.3% දක්වා පමණ වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ. රජය විසින් වැඩිහිටි ජනතාවගේ සුබසාධනය සහ රැකවරණය පිණිස විවිධ පියවර ගෙන තිබේ. එම තත්ත්වය වැඩිදුරටත් වර්ධනය කරමින් වැඩිහිටි පුද්ගලයින්ගේ ජීවනෝපාය සංවර්ධනය සහ අයිතිවාසිකම් රැකවරණය සඳහා සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තිය අදාළ ආයතන හා එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.