• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණය පිළිබඳ මූලෝපාය
- 2019 සිට 2023 දක්වා වසර 05ක කාලයක් තුළ ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණය පිළිබඳ මූලෝපාය ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම මූලෝපාය ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට සිය ජීවනෝපාය ඉහළ නංවා ගෙන ‍ඩිජිටල් තාක්ෂණයන්ගේ ප්‍රතිලාභ ලඟා කර ගත හැකි විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සහභාගිත්වයෙන් යුතුව සකස් කර ඇති සයිබර් ආරක්ෂණ මූලෝපාය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.