• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ සංකීර්ණයන්හි සහ ඒවායේ නිල නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
- කොළඹ වාණිජ මාහාධිකරණ ගොඩනැඟිල්ල හා අධිකරණ සේවා කොමිෂන් සභා ගොඩනැඟිල්ල පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි ගොඩනැඟිලි සංකීර්ණයන්හි පවත්වාගෙන යනු ලබන අතර, ඒවායේ ඉපැරණිතාවය හේතුවෙන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. එමෙන්ම කොළඹ අධිකරණ නිල නිවාස සහ හලාවත දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සතු ගොඩනැඟිලිද කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මතු වි තිබේ. ඒ අනුව, එම ඉදි කිරීම් කටයුතු රජය සතු ඉදි කිරීම් ආයතන මඟින් ඉටු කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.