• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිපාලන දිස්ත්‍රික්ක මට්ටමින් සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම සඳහා 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
- සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී මෙතෙක් පැවති අධිකරණ කලාප, දිස්ත්‍රික්ක සහ කොට්ඨාස වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සමාදාන විනිශ්චයකාරවරුන් පත් කළ හැකි වන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් කරමින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.