• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් අපනයන ගම්මාන වැඩසටහන සමාජගත කිරීම
- රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අපනයන ගම්මාන වැඩසටහන හරහා ආදර්ශ ගම්මානවල ජීවත්වන පුද්ගලයින්ගේ ආර්ථික හා පාරිසරික සංවර්ධනය ලඟා කරගත හැකි බවට හඳුනාගනු ලැබ ඇත. ආදර්ශ ගම්මානවල ජීවත්වන ප්‍රතිලාභීන් වෙත තෝරා ගත් අපනයන වැවිලි ‍භෝග සාමූහිකව වගා කිරීම සඳහා අවශ්‍ය රෝපන ද්‍රව්‍ය, දැනුම හා අනෙකුත් තාක්ෂණික සහයෝගය ලබා දීම හෝ නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම මඟින් ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන පහසුකම් සැලසිය හැකි වේ. ඒ අනුව, ආදර්ශ ගම්මාන ආශ්‍රිතව, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව අපනයන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.