• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ 'I,H හා N' ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම
- ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 48ක් බැගින් වූ 'I, H හා N' යන ගොඩනැඟිලි 03ක නිවාස ඒකක 144ක් පොලිස් පරීක්ෂක හා කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරින්ගේ නිල නිවාස ලෙස භාවිත කරනු ලබයි. එකී නිවාස වසර 50ක් පමණ පැරැණි වන අතර කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.