• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝධ වැව මඟින් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය කිරීම
- මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව හෙක්ටයාර 3,800කට වැඩි වපසරියක් පුරා විහිදී පවතින අතර ඒ යටතේ කුඩා පෝෂිත වැව් 162ක් පවතී. පසුගිය කාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දශක තුනකට ආසන්න කාලයක් තුළ යෝධ වැව යටතේ වන පෝෂිත වැව්වල නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි සිදු කර නොමැත. ඒ අනුව පෝෂිත ජලාශ 40ක් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.