• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
- ශ්‍රී ලංකාව තුළ විදුලිබල ප්‍රවේශය 100%ක තත්ත්වයක් දක්වා වර්ධනය කර ඇති අතර, අඛණ්ඩව පැය 24 පුරාම විදුලිය සම්පාදනය කිරීම සඳහා රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. කෙසේ වුවද, අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම තුළින් විදුලි ජනනය සඳහා වාර්ෂිකව වැය කරන ඉන්ධන පරිභෝජනය අවම කරගැනීම මඟින් විදුලි නිෂ්පාදන පිරිවැය අවම කර ගත හැකිවේ. ඒ අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.