• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මට්ටක්කුලිය 'කාකදූපත' වෙරළ උද්‍යානයට යාබද යෝජිත බහුකාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම
- මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මහජන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීම පිණිස එහි ඉදි කර ඇති වෙරළ උද්‍යානයට යාබදව බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෝක බැංකු ආධාර මත ඉදි කිරීමට යෝජනා වී ඇත. පර්චස් 65ක වපසරියකින් යුත් භූමි භාගයක වර්ග අඩි 14,500ක් පමණ ඉඩ ප්‍රමාණයක් සහිතව මෙම බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස වැඩබලන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.