• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සත්කාර සැපයීම සඳහා අනුරාධපුරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම
- හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය නිසා මාරාන්තික තත්ත්වයෙන් පසු වන රෝගීන් සඳහා අනුරාධපුර නගරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම විසින් එකඟතාවය පළ කර තිබේ. යෝජිත මධ්‍යස්ථානය යටතේ නේවාසික රෝගීන් සඳහා වන සහන සත්කාර ඒකකයක්, බාහිර රෝගි සායන, ගෘහාශ්‍රිත සහන සත්කාර සේවා ඒකකයක්,පුහුණු හා පර්යේෂණ ඒකකයක් යනාදිය ඉදි කිරීමට සැලසුම් කර ඇත. යෝජිත සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාම පිණිස අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර, අත්සන් කරනු ලැබ ඇත. ඒ අනුව මෙම සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.