• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොඩනැඟිලි මත සවි කරන සූර්යබල පද්ධති මඟින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ණය යෝජනා ක්‍රමය
- සෑම නිවසකම, ව්‍යාපාරික ගොඩනැඟිලි/ කර්මාන්තශාලා මත සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මඟින් වසර 2020 වන විට මෙගාවොට් 200ක් හා වසර 2025 වන විට මෙගාවොට් 1,000ක් ජාතික විදුලිබල සැපයුමට එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සූර්යබල සංග්‍රාමය' සඳහා සහාය වීමේ අරමුණින් යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව නිවාස හා ව්‍යාපාරික ගොඩනැඟිලි හෝ කර්මාන්තශාලා මත සවි කරනු ලබන සූර්යබල පද්ධති සඳහා මූල්‍ය පහසුකම් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට යෝජනා කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස සහ සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ උපණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.