• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ ගැසට් නිවේදන ඉදිරිපත් කිරීම සඳහා වන අනුමැතිය
- 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිකුත් කරනු ලබන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම නියෝගයක් එම නිවේදන ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මාස 04ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව මේ වන විට නිකුත් කර ඇති පැණි රස කාරක පාන වර්ග කිහිපයක අඩංගු එකතු කරන ලද සීනි ප්‍රමාණය මත පනවන ලද නිෂ්පාදන බද්ද සංශෝධනය කිරීම සඳහා වන අංක 2079/58 දරන ගැසට් නිවේදනය, 2018 අප්‍රේල් මස 30 වන දින හෝ ඊට පෙර මෝටර් රථ ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගැනීමට වන කොන්දේසිය ඉවත් කිරීම සඳහා වන අංක 2080/31 දරන ගැසට් නිවේදනය, සිගරට් මත නිෂ්පාදන බදු සංශෝධනය සඳහා වන අංක 2082/11 දරන ගැසට් නිවේදනය සහ එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1000ට අඩු මෝටර් රථ මත නිෂ්පාදන බදු සංශෝධනය සඳහා වන අංක 2082/10 හා අංක 2083/2 දරන ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.