• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- අතවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි වෙළඳපොළ මිල ස්ථාවරව පවත්වා ගැනීම, හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට එම භාණ්ඩ ලබා දීම, දේශීය කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් ආරක්ෂා කර ගැනීම, බහුවිධ බදු වෙනුවට සංයුක්ත බදු ගෙවීමට සැලැස්වීම පිණිස 2018 මැයි මස 31 දින සිට 2018 සැප්තැම්බර් මස 07 දින දක්වා වන කාලපරිච්ඡේදය තුළ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත සංශෝධනය කිරීම සඳහාත්, පවත්නා විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ එලෙසම දීර්ඝ කිරීම සඳහාත් නිකුත් කරන ලද ගැසට් නිවේදන 08ක් අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.