• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා අනුමැතිය ලබා ගැනීම
- බීඩි කොළ ආනයනයේදී අයකරනු ලබන තීරු බද්ද සංශෝධනය කිරීමට හා සීනි කෘතිමව අඩංගු කර ඇති ආහාරමය පාන හඳුනාගැනීම සඳහා නව ජාතික උපබෙදුම් රේගු සංකේතාංක ඇති කිරීමට නිකුත් කරන ලද අංක 2079/32 දරන ගැසට් නිවේදනය සහ නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන ලබා දීම පිණිස නිකුත් කරන ලද අංක 2080/42 දරන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.