• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ වාර්තාව
- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ සඳහන් කරුණු අනුව 2018 දෙවන කාර්තුව වන විට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, රජයේ සතු සමාගම් ඇතුළුව රාජ්‍ය අංශයේ දැනට සේවයේ යෙදී සිටින කාර්යමණ්ඩලය 1,370,885ක් වන බවත්, ඇතැම් රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල කාර්යමණ්ඩල සාමාජිකයින් වසර 05කට වැඩි කාලයක් තිස්සේ විධිමත් අනුමැතියකින් තොරව ව්‍යාපෘතිවල සේවයේ යෙදී සිටින බවත්, අධ්‍යාපන හා‍ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි පෞද්ගලික අංශයේ දායකත්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇති ප්‍රවණතාවය තුළ රාජ්‍ය අංශයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි අතිරේක තනතුරු ඇති කිරීමට අදාළ තීරණ ගැනීමේදී අවධානය යොමු විය යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.