• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජංගම දුරකථනවල ඇමතුම් සම්බන්ධතාව හා දත්ත හුවමාරු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම
- කොළඹ නගරය හා අනෙකුත් ප්‍රදේශවල ජංගම දුරකථනවලට සේවා සපයන ඇන්ටනා ආවරණය අඩුවීම හේතුවෙන් සිය පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අභියෝගයට ජංගම දුරකථන මෙහෙයුම්කරුවන් මුහුණ පා සිටී. ඒ සඳහා පිළියම් වශයෙන් විදුලි සංදේශ ‍නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ කොළඹ හා උප නාගරික ප්‍රදේශයන්හි ක්‍රමෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහලවල් මත ඇන්ටනා ස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.