• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ඉදි කිරීම
- ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් අතර ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවයන් අවම කිරීම සඳහා ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කිරීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව, විදේශීය මූල්‍ය සහාය සහිතව ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 1,000ක් පමණ ඉදි කර තිබේ. තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම පිණිස මුල් ව්‍යාපෘතිය යටතේ තවදුරටත් අවශ්‍ය වන අමතර අරමුදල් සලසා ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.