• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ ශීතාගාර පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා වන දිරිගැන්වීම්
- පලතුරු හා එළවළු ගොවීන් සහ ධීවරයන් හා අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් පසු අස්වනු මෙහෙයුම් කටයුතුවලදී මුහුණපානු ලබන දුෂ්කරතාවලට පිළියමක් ලෙස සහ එම නිෂ්පාදනවල මිල මට්ටම උච්චාවචනය වීම අවම කිරීමේ අරමුණින් එවැනි නිෂ්පාදන බහුලව සිදු කරනු ලබන ප්‍රදේශවල උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ශීතාගාර පහසුකම් ජාලයක් සථාපනය කිරීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.