• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් කට්ටි කිරීමේදී පරිසර පද්ධතීන්ට සිදුවන හානි අවම කිරීම
- නිවාස ඉදි කිරීම හා වෙනත් කාර්යයන් සඳහා ඉඩම් කට්ටි කිරීමේදී හා නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එමඟින් පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හා අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පැවතියද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විවිධ ගැටලු පැනනැඟී ඇත. එබැවින්, එකී ගැටලු අවම කරගනිමින්, ප්‍රශස්ත ලෙස රජයේ හා පෞද්ගලික ඉඩම් පරිහරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.