• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සංශෝධනය කිරීම
- පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, නිර්මුක්ති සහ බලතල ප්‍රකාශ කිරීමට හා නිර්වචනය කිරීමට, කථා කිරීමේ හා විවාද කිරීමේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නිදහස සුරක්ෂිත කිරීමට, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සඳහා දඬුවම් පැමිණ වීමට මෙන්ම පාර්ලිමේන්තුවේ ලේඛන, සටහන්, ඡන්ද විමසීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යන්හි නිරත පුද්ගලයින්ට ආරක්ෂාව සැලසීමට උක්ත පනත සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.