• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම
- රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පවත්වාගෙන යාම හා ඉහළ නැංවීම පිණිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රාජ්‍ය මූල්‍ය විනය තවදුරටත් වැඩිදියුණු කරමින් රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා එවැනි කටයුතු පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්හට විශේෂඥ පුහුණුවක් ලබා දීම සඳහා සකස් කර ඇති පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.