• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් ඉදි කිරීම
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ලඟා විය හැකි පරිදි කටුවන, බටගස්ස කිරම ඔය හරහා පාලම, හදුගල කිරම ආර හරහා තරුණ සේවා පාලම, කටුවන ඌරුබොක්ක ඔය හරහා කම්මලේ තොටුපොළ පාලම, කොහාම්පෝරුව හා සියඹලාමුරය යාකෙරෙන තුන්දොළ හරහා පාලම, බෙලිඅත්ත කිරම ඔය හරහා අඟුල්මඩුව-අරංවෙල මාර්ගයේ පාලම හා තංගල්ල කඳුරුපොකුණ මාර්ගය හරහා මගී ගුවන් පාලම යන ව්‍යාපෘති 06 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.