• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිම
- දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා කටයුතුවල යෙදීමට නොහැකි වීම නිසා පීඩාවට පත් වූ ජනතාවට තවදුරටත් අවශ්‍ය සහන සැලසිමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය වගා කන්න තුනක් අඛණ්ඩව වගා කිරීමට නොහැකි වූ වී හා අතුරු බෝග වගා කරන ගොවි පවුල්, වියළි කාලගුණය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ග අහිමි වූ මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටි පවුල් සහ කෘෂිකාර්මික කම්කරු පවුල් 451,224ක් සඳහා සහන ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.