• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ඉදි කිරීම
- ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශවල පාලම් 4,000ක් පමණ ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. මේ සඳහා බෙල්ජියම් සහ නෙදර්ලන්ත රජයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා 02ක් රජය විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ග්‍රාමිය පාලම් 60ක් ඉදි කි‍රීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 17.12ක බදු රහිත මුදලකට බෙල්ජියමේ Janson Bridging Belgium NV සමාගමට පැවරීමටත්, තවත් ග්‍රාමීය පාලම් 200ක් ඉදි කි‍රීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 50.68ක බදු රහිත මුදලකට නෙදර්ලන්තයේ Janson Bridging International BV සමාගමට පැවරීමටත් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.