• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීම සඳහා බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීමට එහි බෙදාහැරීම් මධ්‍යස්ථාන සඳහා විදුලි මීට‍ර සහ මොඩම් 25,000ක් සහ ට්‍රාන්ස්ෆෝමර් 75,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිළිවෙළින් චීනයේ M/s. Shenzeng Kaifa Technology Co. Ltd වෙත සහ M/s. Shenzhen Chuangyin Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.