• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම
- වඩාත් සුව පහසු සහ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රාගම-කඩවත-කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝ මීටර 33ක දිගින් යුත් 'රක්ත මාර්ගය', කැලණිය-බොරැල්ල-නුගේගොඩ-පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝ මීටර 28.3ක දිගින් යුත් 'හරිත මාර්ගය' සහ හුණුපිටිය-අංගොඩ-කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර 22.3ක දිගින් යුත් 'නීල මාර්ගය' නමින් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 3ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.