• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම
- නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය, නවීන තාක්ෂණය භාවිත කර කඩිනමින් නිෂ්කාශනය කිරීමට හැකි වන පරිදි ලංකා නැව් සංස්ථාව සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ. ඒ සඳහා අභිලාශ ප්‍රකාශ කැඳවීමට ප්‍රතිචාර දක්වන ලද පාර්ශ්වයන් වෙතින් ශක්‍යතා අධ්‍යයනයක් සහිතව ලංසු ඉදිරිපත් කරනු පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.