• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව ලුනාව රෝහල නවීකරණය කිරීම
- මොරටුව ලුනාව රෝහල, මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ විශේෂ කාර්යයන් සිදු කරනු ලැබේ. එම රෝහල නවීකරණය කිරීම යටතේ බාහිර රෝගී අංශයක් හා සායන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කඩිනමින් සිදු කර ගැනීම සඳහා රුපියල් මිලියන 1,035ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම යන ආයතන වෙත ප්‍රදානය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.