• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා විදේශයන්හිදී ගුවන් යානා ඉන්ධන ලබාගැනීම
- ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළවල් 24කදී ගුවන් යානා ඉන්ධන මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 190.2ක මුදලකට සැපයුම්කරුවන් 11 දෙනෙකු වෙත ප්‍රදානය කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.