• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ ධාරිතාව වැඩිදියුණු කිරීම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම පිණිස අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.