• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජනවර්ග පිළිබඳ වාර්තාමය වැඩසටහන් නිර්මාණය කිරීම
- ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජනවර්ග පිළිබඳ ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මෑතකදී කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වු කරුණු ඇතුළත් කරමින් 'People of Sri Lanka' නමින් ග්‍රන්ථයක් එළි දක්වන ලදී. ජනතාව තුළ සංහිඳියාව වර්ධනය කරමින් සාමය රජයන දේශයක් නිර්මාණය කිරීම සඳහා අන්‍යෝන්‍ය ජාතීන් පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් එම ග්‍රන්ථය මඟින් අනාවරණය කරන ලද ජනවර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සකස් කිරීම පිණිස හා ඒ සඳහා අවශ්‍යවන අරමුදල් සලසා ගැනීම පිණිස ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.