• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තරුණ සේවා සභාවේ පිටබැද්දර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම
- සූපවේදය, බේකරි නිෂ්පාදන, මෝටර් කාර්මික ශිල්පි හා රූපලාවන්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) - 4 මට්ටමේ [අ.පො.ස.(උ.පෙළ) සුදුසුකමට සමාන වන] පාඨමාලා පැවැත්වීමට හැකි වන පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, රුපියල් මිලියන 200ක ආයෝජනයක් සහිතව පිටබැද්දර ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.