• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත
- දක්ෂිණ ප්‍රදේශය තුළ අපනයනාභිමුඛ විශේෂ ආර්ථික කලාප පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් දක්ෂිණ ප්‍රදේශ තුළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවීමට සැලසුම් කර ඇත. එම කාර්යය සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය උපදෙස් දීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.