• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු, නැ‍ඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' ක්‍රියාත්මක කිරීම
- උතුරු, නැ‍ඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සියලුම පළාත් පාලන අයතන ආවරණය වන පරිදි, ඒවායේ යටිතල පහසුකම් සහ ආයතනික හැකියාවන් වර්ධනය කිරීම ඇතුළුව පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සැලසීමට ලෝක බැංකුව විසින් එකඟතාවය පළ කර තිබිණි. එසේ වුවද, උක්ත ප්‍රදේශවල පළාත් පාලන ආයතන 134ක තවදුරටත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ නැංවීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.