• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීනතාවයක් දක්වන කමිටුවක නිර්දේශ සහිතව සංකල්ප පත්‍රිකාවක් පිළියෙළ කරනු ලැබ ඇත. එම සංකල්ප පත්‍රිකාවද අවධානයට ගනිමින් යෝජිත විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.