• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීම
- ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.