• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ පිළිබඳ මහජන චීන ජනරජයේ විද්‍යා ඇකඩමිය සමඟ ඇති කර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම
- ජීව, සමුද්‍ර, භූගෝල, පරිසර හා අනෙකුත් විද්‍යා ක්ෂේත්‍රවල විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව දෙරට අතර විද්‍යාත්මක පර්යේෂණ හා තාක්ෂණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මෙමඟින් සලසන පහසුකම් සැලකිල්ලට ගෙන, මෙම අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.