• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ මූල්‍ය ප්‍රකාශන, උපචිත පදනම මත පිළියෙල කිරීම
- දැන‍ට වැඩිදියුණු කළ මුදල් පදනම මත සකස් කරනු ලබන රජයේ ගිණුම්, එම ක්‍රමය වෙනුවට, අදියරගත ක්‍රමවේදයක් යටතේ ක්‍රමිකව උපචිත පදනමට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අන්තර්ජාතිකව පිළිගත් ගිණුම්කරණ ක්‍රමවේදයන්ට අනුගතවන පරිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රකාශ උපචිත පදනම මත පිළියෙළ කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.