• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකු සමූහයේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වන අන්තර්ජාතික බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව යන ආයතනයන්හි සාමාන්‍ය හා වරණීය ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය පළ කිරීම
- ලෝක බැංකු සමූහය විසින් සිය සංවර්ධන අභිමතාර්ථයන් වඩා සාර්ථකව හා තිරසර අයුරින් සාක්ෂාත් කරගැනීම පිණිස එම සමූහය තුළ සිදු කළ යුතු ප්‍රතිව්‍යූහගත කිරීම් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව එම ආයතනය යටතේ පිහිටා ඇති ආයතනවල සාමාන්‍ය ප්‍රාග්ධනය සහ වරණීය ප්‍රාග්ධන ඉහළ නැංවීම සහ ඒවායේ රඳවා තබාගත් ආදායම කොටස් බවට පරිවර්තනය කිරීම යනාදී ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය පළ කිරීම සහ අවශ්‍ය ගෙවීම් සිදු කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.