• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ නිෂ්පාදන සැලසුම් නිර්මාණ ඉංජිනේරු සමාගම් සඳහා සහන ණය යෝජනා ක්‍රමය
- නිෂ්පාදන සැලසුම් නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ යෙදෙන සමාගම්වලට දේශීයව හා ජාත්‍යන්තරව නිෂ්පාදන සැලසුම් කිරීම, මූලාකෘතිකරණය හා වාණිජකරණය සිදු කිරීම සඳහා දිගු කාලීන සහනදායි කොන්දේසි සහිත ණය පහසුකම් 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ ලබා දීමේ හැකියාව සොයා බලා ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, යාන්ත්‍ර-ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් සවිබල ගැන්වෙන ආර්ථික සංවර්ධන මූලාරම්භයන් සිදු කරනු ලබන සමාගම් සඳහා සහන සැලසිය හැකි වන පරිදි නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.