• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සලසනු ලබන ණය සහන පහසුකම් පුළුල් කිරීම
- 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සහන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ, දැනට තාක්ෂණික ක්ෂේත්‍රයේ නිරතව සිටින, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5,6 හා 7 මට්ටම් සපුරා ඇති වෘත්තිකයින්, සුළු පරිමාණ සත්ත්ව පාලන අංශවල යෙදෙන්නන්, දිරාපත්වන ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අපේක්ෂා කරන්නන්හටද ලබාගැනීමට හැකි වන පරිදි ව්‍යාප්ත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.