• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා කටයුතුවල නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීම පිළිබඳ නව පනතක් කෙටුම්පත් කිරීම
- ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවාවන් කෙරෙහි නීති විරෝධි ක්‍රියා මැඬපැවැත්වීම පිළිබඳ මීට පෙර එළඹ ඇති මොන්ට්‍රියල් සම්මුතිය හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සංතරණයට සේවා සපයන ගුවන්තොටුපොළවල්හි නීතිවිරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වන මුල් කෙටුම්පත් ගිවිසුම යන ජාත්‍යන්තර සම්මුතීන් තව දුරටත් යාවත්කාලීන කිරීම සහ වඩාත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි දැනට බලපැවැත්වෙන 1996 අංක 31 දරන සිවිල් ගුවන් සේවාවන්ගේ ආරක්ෂාවට එරෙහි නීති විරෝධි ක්‍රියා මැඬපැවැත්වීමේ පනත වෙනුවට නව පනතක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.