• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් සලසනු ලබන සේවා සඳහා අය කිරීම් විදේශීය මුදල් ඒකකයන්ගෙන් සිදු කිරීම
- ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් සිය සේවාදායකයින්ට සලසනු ලබන සේවාවන් වෙනුවෙන් කරනු ලබන අය කිරීම් රුපියල්වලින් අය කිරීම වෙනුවට විදේශ විනිමය භාවිත කර සිදු කිරීමට අවසර ලබා දීම මඟින් ලබා ගත හැකි වාසිදායක තත්ත්වයන් සලකා, ඒ සඳහා දැනට පවතින ඇතැම් විනිමය පාලන සීමාවන් සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.